මන්ත්‍රී තිස්ස විතාරණ හදිසි නීති ඡන්ද විමසීමේ දී ඡන්දය දී නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

මන්ත්‍රී තිස්ස විතාරණ හදිසි නීති ඡන්ද විමසීමේ දී ඡන්දය දී නැහැ

මන්ත්‍රී තිස්ස විතාරණ හදිසි නීති ඡන්ද විමසීමේ දී ඡන්දය දී නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය සඳහා ඡන්දය භාවිතා කර නොමැති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ලිපියක් මගින් සහතික කර සිටිනවා.

ඒ අනුව ඊයේ(27) දිනයේ ඡන්ද විමසීමට අදාළ පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ වාර්තා වලට අනුව ඔහු ඡන්දය ප්‍රකාශ නොකළ බවයි එමගින් දක්වා ඇත්තේ.

තිස්ස විතාරණ මහතා විසින් හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ වූ සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කළ බවට ඇතැම් මාධ්‍යවල පළ වීම හේතුවෙන් මන්ත්‍රීවරයා විසින් මහ ලේකම් වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම ලිපිය යොමු කර ඇත්තේ.

views

296 Views

Comments

arrow-up