JUL
21
පොළොන්නරුව ජයන්තිපුර ප්‍රාථමික රෝහලේ වෛද්‍යවරයෙක්ට ප්‍රහාරයක්

බීමත් පුද්ගලයකු විසින් පොළොන්නරුව ජයන්තිපුර ප්‍රාථමික රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.
මින්නේරිය පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු තම දරුවාගේ තුවාලයක් සඳහා බෙහෙත් දැමීමට රෝහල වෙත පැමිණි අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලයේ සමඟ බහින්බස්වීමක් සිදු වී ඇති අතර නැවත බීමතින් පැමිණි සැකකරු මෙම පහර දීම සිදු කර තිබේ.
මෙම සිද්ධියට විරෝධය පළකරමින් රෝහලේ සේවකයන් විරෝධයක් ආරම්භ කර ඇත.
297 Views
Comments