ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලයි

ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලයි

මඩපාත ප්‍රදේශයේ දී ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලා තිබේ.

 

ඒ ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට හා බස්නාහිර පළාතේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

 

කැස්බෑව පොලිසියේ නිලධාරීන් ඊයේ (13) හවස සිදු කළ අදාළ වැටලීමේ දී පෙට්‍රල් නිෂ්පාදනයට භාවිතා කළ රසායනික ද්‍රව්‍ය ලීටර් 165 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අතඅඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

views

284 Views

Comments

arrow-up