නීති විරෝධීව රටින් ගෙන යාමට තැත් කළ වාලම්පූරියක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රං ග්‍රෑම් 470ක් සහ වාලම්පූරියක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.
නාවික හමුදාව විසින් මන්නාරම පේසාල කුරුස පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරයෙන් පිටත් වූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන නවයකට අධික බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් පුත්තලම සහ පේසල් ප්‍රදේශ වල පදිංචි අවුරුදු 24 සහ 39 අතර පසුවන්නන්.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.
271 Views
Comments