අරලියගහ මන්දිරයේ TV සොරකම් කළ පුද්ගලයා රිමාන්ඩ්

අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අදාළ සැකකරු අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අදාළ සැකකරු පසුගිය 09 වනදා අරලියගහ මන්දිරට ඇතුළු වී එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරකම් කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය අධිකරණයට සඳහන් කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
327 Views
Comments