මුහුදෙන් රට පනින්න ගිය 50ක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

මුහුදෙන් රට පනින්න ගිය 50ක් කොටුවේ

මුහුදෙන් රට පනින්න ගිය 50ක් කොටුවේ

අද (01) අලුයම වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදෙන් විදෙස්ගත වීමට සූදානම්ව සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

බස් රථයකින් සහ වෑන් රථයකින් ගමන් කරමින් සිටි 50 දෙනෙකු පමණ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය වාර්තා කරන්නේ හලාවත, මාරවිල, වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස අතර කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකුද සිටින බවයි. 

 

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙය ප්‍රංශයට සංක්‍රමණය කිරීමට ගත් උත්සහයක් බවයි.

views

260 Views

Comments

arrow-up