කුසල්ට සල්ලි දෙන්න බෑ කියූ සිද්ධියට සජිත්ගෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

කුසල්ට සල්ලි දෙන්න බෑ කියූ සිද්ධියට සජිත්ගෙන් නිවේදනයක්

කුසල්ට සල්ලි දෙන්න බෑ කියූ සිද්ධියට සජිත්ගෙන් නිවේදනයක්

ආබාධයකට ලක්ව මේ වන විට මාස අටක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාට සිය උරහිසේ සිදු කලයුතු ශල්‍යකර්මයක් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට විදේශ සංචාර සඳහා වැය කිරීමට සහ අනුග්‍රහය දැක්වීමට මුදල් ඇති බවත් රටට වටිනාකමක් දුම් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් වියදම් කිරීමට ඔවුන් මැළි වීම ප්‍රශ්නකාරී බවත් ය.

එසේම මෙවැනි නාස්තිකාර වියදම් කපා හැරිය හොත් රටට වැඩදායී ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය අවස්ථාවලදී අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට හැකියාව ලැබෙන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටලුව හමුවේ කුසල්ගේ ශල්‍යකර්මය සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාණ වෙද්දී එලඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරඟාවලිය සඳහා ඔහුගේ සහභාගිත්වයද අවිනිශ්චිත වී තිබෙනවා.

views

301 Views

Comments

arrow-up