ඉන්ධන දන්දුන් දොස්තරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඉන්ධන දන්දුන් දොස්තරලා

ඉන්ධන දන්දුන් දොස්තරලා

නාවලපිටිය නගරයේ ඉන්ධන පිරවුම්හලට ඉකුත් 16වනදා දින සෞඛ්‍ය අංශ වෙත නිකුත් කෙරුණු පෙට්‍රල් ලීටර් 6600න් තමන්ටද ඉන්ධන ප්‍රමාණයක් ලබාදෙන ලෙසට බලකරමින් ඉන්ධන ලබාගැනීමට දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටි පිරිස මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

 

උද්ඝෝෂණයේ නිරත පිරිස නාවලපිටිය පොලිස් නිලධාරින්ට කියා සිටියේ තමන්ද දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටින බවත්, සෞඛ්‍ය අංශ වෙත පමණක් ප්‍රමුඛතාව ලබාදී ඉන්ධන ලබාදීම අසාධාරණ බවයි.

 

එම ඉන්ධනවලින් සීමිත ප්‍රමාණයක් පෝලිම් වල රැඳී සිටි සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය අංශ වෙත ඉන්ධන නිකුත් කිරීමට ඉඩ ලබා නොදෙන බවද උද්ඝෝෂණයේ නිරතවූ පිරිස පොලිස් නිලධාරින් හමුවේ කියා සිටියහ.

 

නාවලපිටිය පොලිසියේ නිලධාරින් ගැටලු‍ව සම්බන්ධයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශ නිලධාරින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ එකඟතාව මත සෞඛ්‍ය අංශ වෙත නිකුත් කළ පෙට්‍රල් ඉන්ධන 6600න් පෙට්‍රල් ලීටර් 1000ක් පෝලිම් වල රැඳී සිටි පිරිසට නිකුත් කිරීමට එකඟතාව පල කිරීමත් සමග උද්ඝෝෂණය අත්හැරීමට පාරිභෝගිකයන් පියවර ගැණින.

views

256 Views

Comments

arrow-up