සතුන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී සිසුවෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

සතුන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී සිසුවෙක් මරුට

සතුන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී සිසුවෙක් මරුට

වන සත්තුන්ට අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී එකොළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව පුවතක් වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඊයේ(24) පස්වරුවේ මෙම සිසුවා අසල්වැසි නිවසකට යාමේදී විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල අවස්ථාවේ දී ඔහුව රෝහල් ගත කර ඇති නමුත් ජීවිතය බේරා ගැනීමට හැකි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විදුලි රැහැන ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

237 Views

Comments

arrow-up