නිවසේදී රෝගාතුර වූ මව තෙල් නොමැතිකමින් රෝහලට රැගෙන යන්න පමාවී නිවසේදීම මිය යයි

දැඩි ලෙස රෝගාතුර වු 72 හැවිරිදි මවක් රෝහල් ගත කිරීමට වාහනයක් සොයාගැනීමට නොහැකිව රෝහල් ගතකිරීමට පෙර නිවසේදීම මියයෑමේ ශෝචනීය පුවතක් මිණිපේ, හසලක කොලොන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
කොළොංගොඩ පලුගොල්ල කොටලීය, අංක 1297 ලිපිනයේ පදිංචිව සිටි පෑලව මැදගම්මැද්දේ ගෙදර ඥාණවතී නැමැති සිවුදරු මව එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
හසලක හදිසි මරණ පරීක්ෂක එච්. එම්. ටී. බී. හේරත් මහතා සඳහන් කළේ පැවති මරණ පරික්ෂණයේදී මියගිය අයගේ මුණුපුරෙකු වන ඊ. එම්. ධම්මික පුෂ්ප කුමාර (21) තම අත්තම්මා කලක සිට ඇදුම රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටින අයෙකු බවට පැවසූ බවයි.
ප්‍රදේශයේ ත්‍රිරෝද රථ වෑන් රථ ලොරි රථ තිබුණත් ඒවාට අවශ්‍ය ඉන්ධන තිබුනේ නම් තම අත්තම්මා රෝහල් ගත කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඇයව ජීවත් කිරීමට හැකිවූ බවත් ඉන්ධන නොමැතිකම නිසාම තම අත්තම්මා ඉතා අවාසනාවන්ත ලෙස තමන්ට අහිමි වු බවත් ඔහු පවසා ඇත.
314 Views
Comments