ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට යන ලක් දරුවෝ

ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සිසුන් සිව්දෙනෙකු සහ මහාචාර්යවරුන් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකෝන්, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සිලුනි වික්‍රමතිලක, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන්, යාපනය හින්දු විද්‍යාලයේ ඒ.හර්ශන් යන සිසු සිසුවියන් සහ මහාචාර්ය හිරාන් අමරසේකර සහ සම්මානනීය මහාචාර්ය එම්. ජයන්ත විජේරත්න යන මහාචාර්යවරුනුයි.
මෙම තරගාවලිය අර්මේනියාවේදී පැවැත්වීමට නියමිත අතර මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකාවට දායකත්වය දක්වනු ලබන QIB විශ්ව විද්‍යාලයට මහාචාර්යවරුන් විසින් ස්තුතිය පුද කර සිටිනවා.
302 Views
Comments