කුසල්ට සල්ලි දෙන්න බෑ - ක්‍රිකට් ආයතනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

කුසල්ට සල්ලි දෙන්න බෑ - ක්‍රිකට් ආයතනය

කුසල්ට සල්ලි දෙන්න බෑ - ක්‍රිකට් ආයතනය

ආබාධයකට ලක්ව මේ වන විට මාස අටක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාට සිය උරහිසේ සිදු කලයුතු ශල්‍යකර්මයක් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.

කුසල්ගේ ශල්‍යකර්මය එන්ගලන්තයේ දී සිදු කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබෙන අතර අදාල ශල්‍යකර්මය වෙනුවෙන් වැය වන සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවනවාද නැද්ද යන්න කුසල් විමසා ඇති අතර එහිදී ඔහුට දැනුම් දී ඇත්තේ රක්ෂණාවරණයෙන් ලැබුන මුදල පමණක් ලබාදෙන බවත් ඉතිරි මුදල් සියල්ල කුසල් විසින් දැරිය යුතු බවත්ය.

කෙසේ නමුත් රක්ෂණාවරණයෙන් කොපමණ මුදලක් ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් බලධාරීන් විසින් කුසල්ව දැනුවත් කර නැහැ.

මේ හේතුවෙන් කුසල්ගේ ශල්‍යකර්මය සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද වෙද්දී එලඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරඟාවලිය සඳහා ඔහුගේ සහභාගිත්වයද අවිනිශ්චිත වී තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා සමග සාකච්ඡා කර මෙම ගැටලූවට විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි කුසල් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

271 Views

Comments

arrow-up