ඉන්ධන සැඟ වූ කලමනාකරුවෙකුට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ඉන්ධන සැඟ වූ කලමනාකරුවෙකුට වැඩ වරදී

ඉන්ධන සැඟ වූ කලමනාකරුවෙකුට වැඩ වරදී

ඉන්ධන තොග සගවාගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් තමා සතුව තිබූ ඉන්ධන තොග අලෙවි නොකිරීමේ වරදට අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ ඉන්ධනහලක කළමනාකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මාස 3ක සිර දඬුවමක් නියම වී තිබූ ඔහුට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් විසින් එම සිරදඬුවම වසර තුනකට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට මුදලින් රුපියල් දහදාහක දඩයක් නියම කර ඇති අතර යළි මෙවැනි වැරදි නොකරන ලෙසත් එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක්‍රියා කරන බවත් ඔහුට තරයේ අවවාද කර තිබෙනවා.

views

244 Views

Comments

arrow-up