ජනපති මැදුරෙන් සොරාගත් පිත්තල බෝල අලෙවි කළ තිදෙනෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ජනපති මැදුරෙන් සොරාගත් පිත්තල බෝල අලෙවි කළ තිදෙනෙක් කොටුවේ

ජනපති මැදුරෙන් සොරාගත් පිත්තල බෝල අලෙවි කළ තිදෙනෙක් කොටුවේ

ජූලි නව වැනිදා ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනෙල් තිරරෙදි එල්ලීම සඳහා බිත්ති වල සවිකර තිබූ රන් පැහැති පිත්තල බෝල හතළිහක් සොරාගෙන පැරණි භාණ්ඩ ලෙස අලෙවි කිරීමට සූදානම් වූ තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

අදාල සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර පදිංචි අවුරුදු 28, 34 හා 37 යන වයස්වල පසුවන්නන්.

මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ලෙස පෙනී යන අතර වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයේ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා.

views

277 Views

Comments

arrow-up