ඇමෙරිකානු මවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

ඇමෙරිකානු අධිකරණය විසින් තම දරුවන් දෙදෙනා ඝාතනය කළ ඇමෙරිකානු මවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා.
ලෝරි වැලෝ නමැති මෙම 2019 වසරේ දී කාන්තාව 16 හැවිරිදි තම දියණිය හා හදාවඩාගත් 7 හැවිරිදි පිරිමි දරුවා ඝාතනය කෙරුණා.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ එමෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාගේ හිටපු බිරිදව ද ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි.
වාර්තා වන්නේ තම දරුවන් දෙදෙනා ඝාතනය කිරීම සාධාරණීකරණය කිරීම සදහා ඇය තම ආගමික විශ්වාසයන් අධිකරණය හමුවේ පවසා ඇති බවයි.
එම දරුවන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය පොලීසියට කිසිදු පැමිණිල්ලක් සිදුකර නොමැති අතර ඔවුන්ගේ මළ සිරුරු 2020 වසරේ ජුනි මාසයේ දී හමුවී තිබෙනවා.
ටෙලිනාට්‍ය මාලාවක් ද සිද්ධිය පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණා.
ඇයගේ ස්වාමිපුරුෂයාට එරෙහිව ද නඩු පවරා ඇත.
ඔහුට ද ඒ හා සමාන චෝදනා ගොනුකර තිබෙනවා.
267 Views
Comments