ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල

ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. විහාරස්ථාන හතරක මෙලෙස සූර්ය බල පද්ධති සවි කොට ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ලබා දී ඇති අතර ව්‍යාපෘතියේ පළමු අදියරේදී අධ්‍යාපන ආයතන ලෙස කටයුතු කරන සියලුම ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති පද්ධතියක් ලබා දෙන බවත් වසරක් ඇතුළත සියලුම සිද්ධස්ථාන හරහා සූර්ය බලශක්ති පද්ධති ක්‍රියාවට නංවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
465 Views
Comments