ඉන්දියාවට රත්‍රං පන්නන්න හැදූ පහක් රේගු දැලේ

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙරට සිට ඉන්දියාවට රත්‍රං රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගේ ගමන් මලු වල සූක්ෂම ලෙස අසුරා තිබූ රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්‍රං සහ රන් ආභරණ කිලෝ ග්‍රෑම් 10.5 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160 කට ආසන්න බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
මොවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නගරය වෙත යාමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතිකයෙකු ද ගුවන්තොටුපොල සංක්‍රමණික ප්‍රදේශ තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
219 Views
Comments