සිසුවියක් යැයි සිතා සිසුවෙකුට අයුතු වට්ස්ඇප් පණිවිඩ යැවූ කැප්පෙටිපොළ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

සිසුවියක් යැයි සිතා සිසුවෙකුට අයුතු වට්ස්ඇප් පණිවිඩ යැවූ කැප්පෙටිපොළ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුගේ වැඩ තහනම්

සිසුවියක් යැයි සිතා සිසුවෙකුට අයුතු වට්ස්ඇප් පණිවිඩ යැවූ  කැප්පෙටිපොළ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුගේ වැඩ තහනම්

කැප්පෙටිපොළ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

 

වට්ස්ඇප්  මාර්ගය ඔස්සේ පාසලේ සිසුවියන් කිහිප දෙනෙකුට විවිධ ආකාරයෙන් අයුතු යෝජනා සිදුකළ බව මෙම විදුහල්පතිවරයාට එල්ල වී ඇති චෝදනා වේ.

 

එම පාසලේම ඉගෙනුම ලබන උසස්පෙළ සිසුවෙකු සිසුවියක ආකාරයෙන් වට්ස්ඇප් මාර්ගයෙන් විදුහල්පතිවරයා සමග  සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබේ.  එහිදී අදාළ විදුහල්පතිවරයා සිසුවියක යැයි සිතා එම උසස් පෙළ සිසුවාට වට්ස්ඇප් මාර්ගය ඔස්සේ තම ලිංගික අවයව ඡායාරූප ගත කර යවා ඇති බව වාර්තා වේ.  එසේම  පාසල් නිවාඩු දිනයකදී සිය කාර්යාලයට පැමිණෙන  ලෙසට විදුහල්පතිවරයා  පවසා ඇත.

 

 තොරතුරු අනාවරණය කරගත් උසස් පෙළ සිසුවා ඒ පිළිබඳ පාසලේ ගුරුවරුන් සහ ආදි සිසුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. පසුව පාසලට පැමිණි විදුහල්පතිවරයා පාසලෙන්  එළවා දැමීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදුවී තිබේ.

views

210 Views

Comments

arrow-up