පොලිස් විශේෂ කාර්ය බලකායට වසර හතළිහක් සපිරේ

මාර්තු මස 01 වැනි දිනට දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදාව වන පොලිස් විශේෂ කාර්ය බලකායට හතළිස් වසරක් සපිරේ. 1980 දශකයේ මුල් භාගයේ එවකට රටේ පැවති සාමාජීය තත්ත්වය අනුව ප්‍රභූ ඝාතන සිදු කිරීම වැනි ක්‍රියා මැඩ පැවැත්වීම, පොලිස් ස්ථානවලට එල්ල වන ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ හමුදා පුහුණුව සහිත ඒකකයක අවශ්‍යතාව දැඩිලෙස මතු වු හෙයින් මුලින් ශ්‍රී ලංකා පොලිසියෙන් තෝරාගන්නා ලද පොලිස් නිලධාරීන් හැට දෙනෙකුට යුද පුහුණුවකින් පසු එස්.ඒ.එස්. හෙවත් විශේෂ ප්‍රහාරක ඒකක ක් ලෙස විශේෂ කාර්ය බලකාය අරඹා ඇත.
1983 මාර්තු මස 01 වැනි දින විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දිවංගත රවි ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව එම නිලධාරීන්ට විශේෂ යුද පුහුණුවක් ලබාදීමට තීරණය විය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයන් බ්‍රිතාන්‍ය කිණිමිණි සර්විස් හෙවත් SAS (Special Air Service Regiment) විශේෂඥ පුහුණු උපදේශකයන් යටතේ ලද විශිෂ්ට පුහුණුවෙන් අනතුරුව සංග්‍රාම භුමියට පිළිපන් මරණයට භය නැති විරුවෝ ලෙස විරුදාවලිය ලත් විශේෂ කාර්ය බලකායේ අභීත විරුවෝ සිය අණසක පතුරන්නට වූහ.
201 Views
Comments