බණ්ඩි පොහොර මිල පහළට

එම්.ඕ.පී හෙවත් බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
2022-2023 මහකන්නයේදී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000 ක් මෙරටට ආනයනය කළ අතර හොන්ඩරයක් අලෙවි වූයේ රුපියල් 19,500ක මිලකටය.
එම පොහොර තොගයෙන් මේ වන විට අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 3000 ක් පමණක් වන අතර එය සමස්ත පොහොර තොගයෙන් 10% ත් වඩා අඩු ප්‍රමාණයක් බව සඳහන් වේ. තවද ඇතැම් කුඹුරුවල ගොයම් කහ පැහැ ගැන්වීමට හේතු වී ඇත්තේ බන්ඩි පොහොර නොයෙදීම බව අමාත්‍යාංශය කරුණු අවධාරණය කරගෙන තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටි.
230 Views
Comments