ලක්ෂ පනස් පහක මෝටර් රථය ඉස්සු සැකකරුවෝ තිදෙනෙක් කොටු වෙති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ලක්ෂ පනස් පහක මෝටර් රථය ඉස්සු සැකකරුවෝ තිදෙනෙක් කොටු වෙති

ලක්ෂ පනස් පහක මෝටර් රථය ඉස්සු සැකකරුවෝ තිදෙනෙක්  කොටු වෙති

රියදුරෙකුට පහරදී රුපියල් ලක්ෂ 55 ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් 71,000 ක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෝටර් රථය කොටස් කර අලෙවි කිරීමට සුදානම් කර තිබියදී තවත් සැකකරුවෙකු සමග මැල්සිරිපුර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

 

ජනවාරි 27 වැනිදා, නිවිතිගල ප්‍රදේශයේ දී සැකකරුවන් මෙම කොල්ලකෑම සිදුකර ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර සහ කඩුවෙල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත.

 

25, 26 හා 37 හැවිරිදි කඩුවෙල, රත්නපුර සහ මැල්සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (18) ඉදිරිපත් කිරීමට නියමිත වේ.

views

262 Views

Comments

arrow-up