රන්මාලයක් සොරකම් කර ගිල දැමු සැකකරුවෙක් මතුගමදී පොලිස් දැලේ

(23 දා) සවස මතුගම නගරයේ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය කඩා ගෙන ගොස් එම මාලය සොරා විසින් ගිල දමා ඇත. 32 හැවිරිදි පුද්ගලයකු වන සොරාගේ උදරයේ තිබෙන මාලය ගැනිමට විරේක ලබාදී රඳවා තබා ගැනීමට මතුගම මුලස්ථාන පොලිසියට සිදුව තිබේ.
ඇය මතුගම නගරයේ ස්වයං රැකියාවක නිරත කාන්තාවක් වන අතර ඊයේ සවස සේවය නිමවා නිවසට යෑමට බස් රථයක් වෙත යමින් සිටියදී පසු පසින් පැමිණි අයෙකු රන් මාලය කඩාගෙන දුවගොස් ඇත. එය දැක අවට පිරිස ඔහු පසුපස ලුහු බැඳ අල්ලාගෙන ඇති අතර නගරයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගන්නා අතරතුර සැකකරු මාලය ගිලදැමූ බව යි. සැකකරුගේ උදරයේ ඇති රන් මාලය පිටතට ගැනීමට විරේක බෙහෙත් ලබාදී පොලිසියේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.
193 Views
Comments