නයිජීරියාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ශ්‍රී ලාංකිකයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

නයිජීරියාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ශ්‍රී ලාංකිකයෙක්

නයිජීරියාවේ මැතිවරණ  නිරීක්ෂණ කටයුතු වලට ශ්‍රී ලාංකිකයෙක්

නයිජීරියාවේ මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මහතා තෝරාගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ,  අද (25) පැවැත්වෙන නයිජීරියානු ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂකයකු වශයෙන් එරට ස්වාධීන මැතිවරණ කොමිසම මඟින් ඔහු තෝරාගෙන තිබෙන බවයි.

 

ඔහුට ලැබුණු මේ අවස්ථාව ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ඉමහත් ගෞරවයක් බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය දශක හතරක කාලය තුළ අප්‍රිකාවේ ජීවත් වූ කනනාදන් මහතා අප්‍රිකානු නායකයන් සහ අනෙකුත් රටවල රාජ්‍ය නායකයන් සමඟ ඇති සමීප සම්බන්ධතා හේතුවෙන් ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දී ඇති බවද කියා සිටී. ඒ මහතා පසුගිය 2022 දී කෙන්යානු මැතිවරණයේ නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කර තිබේ.

views

234 Views

Comments

arrow-up