රාජකාරිය පැහැර හැරි බවට ශවේන්ද්‍රට චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

රාජකාරිය පැහැර හැරි බවට ශවේන්ද්‍රට චෝදනා

රාජකාරිය පැහැර හැරි බවට ශවේන්ද්‍රට චෝදනා

පසුගිය වසරේ මැයි 09 වන දා සහ ඉන්පසු රට පුරා ඇති වූ කලබලකාරී සිද්ධි මැඩ පැවැත්වීමේදී තම රාජකාරිය හරිහැටි ඉටු කර නැතැයි, එවකට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම සිද්ධි මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පත්කරන ලද, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජෙනරාල් දයා රත්නායක සහ මාෂල් ඔෆ් තෙ එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලකගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මේ පිළිබඳ අධිකරණයට වාර්තා කොට තිබේ.

 

එසේම, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළයුතු බවටත් කමිටුව නිර්දේශ කොට තිබේ.

views

219 Views

Comments

arrow-up