උස්වැටකෙයියාවේදී කෝටි තුනක වියළි ආහාර සොරකම් කළ සැකකරුවන් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

උස්වැටකෙයියාවේදී කෝටි තුනක වියළි ආහාර සොරකම් කළ සැකකරුවන් දැලේ

උස්වැටකෙයියාවේදී කෝටි තුනක වියළි ආහාර සොරකම් කළ සැකකරුවන් දැලේ

උස්වැටකෙයියාව අලුත් අක්කරේ ප්‍රදේශයෙන් කෝටි තුනක් පමණ වටිනා වියළි ආහාර තොගයක් සොරකම් කර පලා ගොස් සිටි මංකොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

 

පසුගිය දෙවන දා සිදු වූ මෙම සොරකම පිළිබඳ එම ගබඩා සංකීර්ණයේ තිබූ සීසීටීවී වීඩියෝ තුළින් අනාවරණය කර ගන්නට හැකි වී ඇති අතර, සොරකම් කර තිබූ සූදුරු, අබ, කඩල පරිප්පු, සහ කොත්තමල්ලි තොග වල වටිනාකම කෝටි තුනකට ආසන්න වන බව සඳහන් වේ.

 

මේ සම්බන්ධව සැකකරුවන් දෙනෙකු කුලියාපිටිය, හෙට්ටිපොළ, බණ්ඩාරවත්ත, කටුනායක සහ පෑලියගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකමට අනුබල දුන් ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

 

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පමුණුගම පොලිසිය විසින් සිදු කෙරේ.

views

220 Views

Comments

arrow-up