දුම්රිය දෙපාර්තමේන්තුවට නව පත්වීම් 2400ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

දුම්රිය දෙපාර්තමේන්තුවට නව පත්වීම් 2400ක්

දුම්රිය දෙපාර්තමේන්තුවට නව පත්වීම් 2400ක්

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා බහු කාර්යය සහයක සාධන බලකායේ සුදුසුකම් ලැබූ නිලධාරීන් 2400 ක් නව සේවයට එක් කරමින් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දින සිදුවිය.

 

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රට තුළ පවතින තත්ත්වය තුළ රාජ්‍ය සේවය උදෙසා අළුතින් බඳවාගැනීම් නවතා තිබෙන මොහොතක වුවත් දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර රජයේ බහු කාර්ය සංවර්ධන බලකායේ පුහුණුව ලැබූ පිරිසකට ස්ථීර පත්වීම් ලබා දී දුම්රිය සේවයට එක්කර ගැනීමට ලැබීම ජයග්‍රහණයක් බව කියා සිටියේය.

 

කුමන වෘත්තීය ගැටලු මතු වුවද සාකච්ඡා මාර්ගයෙන් ශිෂ්ඨ සම්පන්න ලෙස එම ගැටළු විසදා ගැනීමට කටයුතු කළ යුතු බවද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

218 Views

Comments

arrow-up