මින් මතු ග්‍රාම නිලධාරීන්වරුන්ට වසම් වලින් මුදල් එකතු කිරීම තහනම් බව අගමැති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

මින් මතු ග්‍රාම නිලධාරීන්වරුන්ට වසම් වලින් මුදල් එකතු කිරීම තහනම් බව අගමැති කියයි

මින් මතු ග්‍රාම නිලධාරීන්වරුන්ට වසම් වලින්  මුදල් එකතු කිරීම තහනම් බව අගමැති කියයි

ග්‍රාම නිලධාරීන්ට තම ග්‍රාම සේවා වසම තුළ සිටින  ව්‍යාපාරිකයන් ඇතුළු කිසිදු පුද්ගලයෙකුගෙන් උත්සව ආදියට මුදල් එකතු කිරීමට තහනම් කිරීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජාතික පුවත්පතකට පවසා තිබේ.

 

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් විවිධ උත්සව පැවැත්වීම සදහා ග්‍රාම නිලධාරීන් ලවා ග්‍රාම නිලධාරි වසම  තුළ ඇති ව්‍යාපාරික ස්ථානවලින් මුදල් එක්රැස් කරවන බවට පැමිණිලි ලැබීම නිසා එසේ මුදල් එක්රැස් කිරීම තහනම් කිරීමට තීරණය කළ බව අගමැතිවරයා සදහන් කර සිටී.

 

 

මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීන් හට තම රාජකාරිය නිසියාකාරව  පවත්වාගෙන යාමට නොහැකි තත්වයක්  නිර්මාණය වී  ඇති බවත්  ග්‍රාම නිලධාරීන් ලවා එවැනි මුදල් එකතු කිරීම් වැඩි වශයෙන් සිදු වන්නේ නාගරික ප්‍රදේශවල බවට ලැබී ඇති පැමිණිලි අනුව තහවුරු වන බවත් අගමැතිවරයා සදහන් කර සිටී.

views

201 Views

Comments

arrow-up