අධිවේගී යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාව තුළ නව නීති

ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජය විසින් මෙරටට ගෙන්වා එකලස් කල හා එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ යතුරුපැදි සඳහා නිසි ලියාපදිංචියක් සිදුකර භාවිතා කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ, ලියා පදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරු පැදි නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසයි.
261 Views
Comments