දෙදහසකට අධික සංචාරකයින් රැගත් PRINCES CRUISES නෞකාව දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

දෙදහසකට අධික සංචාරකයින් රැගත් PRINCES CRUISES නෞකාව දිවයිනට

දෙදහසකට අධික සංචාරකයින් රැගත් PRINCES CRUISES නෞකාව දිවයිනට

බර්මියුඩා රජය යටතේ ලියාපදිංචි කර ඇති ඇමෙරිකානු සමාගමකට අයත් වන ප්‍රින්සස් කෲස් නෞකාව අද පෙරවරු 7.00 ට පමණ කොළඹ වරායේ සමගි ජැටියට සේන්දු වූ බව වාර්තා වේ.

 

මෙම නෞකාව සංචාරකයින් 1894 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 906 දෙනෙකු සමග පැමිණ ඇති බව වාර්තා වන අතර, මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින්ගෙන් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස තිබේ. ඔවුන් මෙරට මහනුවර, පින්නවල මීගමුව සහ යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බව සඳහන් වේ.

 

මෙම දිගින් මීටර් 294 ක්සහ පළලින් මීටර් 37 ක් වන නෞකාව පැමිණ ඇත්තේ තායිලන්තයේ පුකට් වරායේ සිට වන අතර, අද පස්වරු 7.30 ට යාත්‍රාව ඩුබායි වරාය බලා පිටත්වීමට නියමිතය.

views

226 Views

Comments

arrow-up