මැතිවරණයට ඉදිරිපත් වී අමාරුවේ වැටුණු රජයේ සේවකයන්ට සහනයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොවැළැක්විය හේතු මත අප්‍රේල් 25 වනදා දක්වා කල් තැබීමට සිදු වී ඇති පසුබිමක වත්මන් ආර්ථික තත්ත්වය යටතේ එලෙස දිගු කාලසීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු ගැනීම මගින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින රජයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීම දැඩිසේ දුෂ්කර වී ඇති නිසා, සහනයක් ලබා දෙන ලෙසට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී අපේක්ෂත්වයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබා දීමට ගෙන ඇති පියවරක් වශයෙන්, ඊයේ දින සිට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාල නිලධාරියාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවට මැතිවරණ කොමිසම නිර්දේශ කර ඇත.
අදාල නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට දන්වා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාශ ලේකම් වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කළේය
243 Views
Comments