තියුණු ආයුධවලින් කපාකොටා අමානුශික ලෙස දෙදරු පියෙකු ඝාතනය කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

තියුණු ආයුධවලින් කපාකොටා අමානුශික ලෙස දෙදරු පියෙකු ඝාතනය කරලා

තියුණු ආයුධවලින් කපාකොටා අමානුශික ලෙස දෙදරු පියෙකු ඝාතනය කරලා

තියුණු ආයුධවලින් කපාකොටා ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක් තුළදී දෙදරු පියෙකු ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කීරගල, කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන් ශාන්ත නැමැති 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

 

මියගොස් ඇති තැනැත්තා කුරුවිට ප්‍රදේශයේ සිට ගොඩිගමුව, කොස්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි තම වැඩිමහල් සොහොයුරියගේ නිවසට පැමිණ සිටියදී ආරවුල සිදුව ඇත.

 

නිවසට පැමිණි ඝාතකයින් තියුණු ආයුධ වලින් පහරදී ඇති බවත් හිසේ සහ ශරීරයේ තුවාල විශාල ප්‍රමාණයක් සහිතව නිවසේ කාමරයක් තුල උඩුබැලි අතට ඔහු වැටී සිටි බවත් පොලිසිය පවසයි.

 

ඝාතකයින් නිවසේ දේපල වලටද හානි සිදුකර ඇති අයුරු දැකගත හැකිවිය.

 

පානදුර පොලිස් නිලධාරීන් එදින රාත්‍රියේම පරීක්ෂණ සිදුකරන ලදී.

views

668 Views

Comments

arrow-up