ශ්‍රී ලංකන් සමාගම පාඩු ලබද්දිත් ඉහළම කළමනාකරුවෙකුට මි. 3.1ක වැටුපක් ගෙවලා

2021 වසරේ ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නවතම වාර්තාවෙන් අනාවරණය කර ඇත.
එම වාර්තාවෙන් තවදුරටත් හෙළිකරන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයකදී වුවත් ඉහළම කළමනාකරණ නිලධාරියෙකු සඳහා රුපියල් මිලියන 3.1ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇති බවයි.
එම මුදල් ගෙවීම සඳහා අරමුදල් සැපයිම සිදුවී තිබෙන්නේ, කැබිනට් පත්‍රිකා මගින් සහ මහජන අරමුදල්වලින් වීම පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානයට ලක් වී තිබේ.
2020 වසරේදී මහා භාණ්ඩාගාරය මගින් අතිරේක ප්‍රාග්ධනය යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන අතර ආයතනය නිසි පරිදි ප්‍රාග්ධනීකරණය කර තිබුණා නම් මෙවැනි තත්ත්වයටක් උදා නොවන බවත් කාරක සභාවේ අදහසයි.
පාඩු ලබන ජාතික ගුවන් සේවා සමාගමක් ප්‍රායෝගික නොවන සැලසුම් මත තවදුරටත් මහජන බදු මුදලින් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු බව කාරක සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.
672 Views
Comments