ගැරඬි ඇල්ලේ දියනෑමට ගොස් මියගිය තරුණියකට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

ගැරඬි ඇල්ලේ දියනෑමට ගොස් මියගිය තරුණියකට කොවිඩ්

ගැරඬි ඇල්ලේ දියනෑමට ගොස් මියගිය තරුණියකට කොවිඩ්

බණ්ඩාරවෙල, ඇටම්පිටිය, ගැරඬිඇල්ලේ පසුගියදා දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වූ 05 දෙනා අතර සිටි එක් තරුණියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

 

බදුල්ල මහ රෝහලේදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත.

 

ඒ අනුව ඥාතීන් වෙත භාරදී ඇති මිහිදන් කරන සිරුරු වල අවසන් කටයුතු ඊයේ(02) පස්වරු 4ට පෙර සිදුකරන ලෙස ද දැනුම්දී තිබුණි.

 

මේ අතර කොවිඩ් ආසාදිත බවට අනාවරණය වූ තරුණියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බදුල්ල ආදාහනාගාරයේදී සිදුකර ඇත.

 

පසුගිය 29 වනදා ඇටම්පිටිය, ඉඹුල්වත්ත, ප්‍රදේශයේදී මිතුරෙකුගේ නිවසක පැවති දානමය පිංකමකට සහභාගී වූ මෙම පිරිස එදින පස්වරුවේ ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් සිටියදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.

views

604 Views

Comments

arrow-up