“කොරෝනා ගැන රනිල් කීවේ 1970වේ, රටට ඕන දුරදකින රනිල්ගේ ආණ්ඩුවක්” - තෙවරප්පෙරුම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

“කොරෝනා ගැන රනිල් කීවේ 1970වේ, රටට ඕන දුරදකින රනිල්ගේ ආණ්ඩුවක්” - තෙවරප්පෙරුම

“කොරෝනා ගැන රනිල් කීවේ 1970වේ, රටට ඕන දුරදකින රනිල්ගේ ආණ්ඩුවක්” - තෙවරප්පෙරුම

මේ රටේ ජනතාව ජීවත් වන සියලු‍ මාර්ග ආණ්ඩුව වසා ඇති බවත් නුදුරේදීම ජනතාව සිය දිවි නසා ගන්නා තත්වයට පත්වන බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

 

එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන තමා එක එක කල්ලි පසුපස ගොස් මන්ත්‍රීකම් ලබා ගැනීමට සූදනමක් නොමැති බවත් රටට නායකත්වයක් දිය හැකි එක ම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් හෙතෙම කීවේය.


 
මේ රට ගොනැඟුවේ එජාපය බවත් රන්දෙණිගල, රන්ටැඹේ ලක්ෂපාන හැදුවේ දුර දකින එකම නායක රනිල් වික්‍රමසිංහ වන බවත් ඔහු පවසයි.

 

1970 ගණන්වල පාර්ලිමේන්තුව අමතමින් චීන වෛරසයක් මුල් කරගෙන වසංගතයක් පැතිරෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ ඒ සඳහා රට සූදානම් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

views

647 Views

Comments

arrow-up