කච්චතිව් මංගල්ලයට සහභාගී වීම ඉන්දියානුවන්ට තහනම් වෙයි

මාර්තු 11 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිත කච්චතීව් ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට ඉන්දීය බැතිමතුන් සහභාගී කර නොගැනීමට මෙවර තීරණය කොට ඇත.
පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම කච්චතීව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ශ්‍රී ලංකාවේ බැතිමතුන් ප්‍රමාණයද සීමා කොට තිබේ.
යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේ පෑවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙවර වාර්ෂික මංගල්ලය පූජාවන්ට පමණක් සීමා කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
623 Views
Comments