බස් - ටිපර් ගැටී කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

බස් - ටිපර් ගැටී කාන්තාවක් මරුට

බස් - ටිපර් ගැටී කාන්තාවක් මරුට

කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්මල්ගොඩ ප්‍රදේශයේදී අද(22) උදෑසන මගී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවක් මිය ගොස් දස දෙනෙකු තුවාල ලබා ඇත.

 

ටිපර් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුලතිව් සිට මහරගම දක්වා ධාවනය වෙමින් තිබූවකි.

 

අනතුරින් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 35ක වන පදවිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 04 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

views

741 Views

Comments

arrow-up