ශ‍්‍රී ලංකාවේ උස කන්දක් වෙනස්වෙයි

ශ‍්‍රී ලංකාවේ තෙවැනියට උසින් වැඩිම කන්ද තොටුපළ කන්ද නොව, පිදුරුතලාගල රක්ෂිතයේම ඇති ටොප් පාස් කන්ද බව ප්‍රකට කඳු නගින්නෙක් හා ක්‍රියාදාම චාරිකා පිළිබඳ ප‍්‍රවීණයෙකු වන ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා විසින් බව තහවුරු කරනු ලබන්නේ ඉකුත්දා ටොප් පාස් හිල් කන්ද තරණය කිරීමෙන් පසුව කඳු මුදුනේදී ලබාගත් උස පිළිබඳ ඛණ්ඩාංක දත්ත විශ්ලේෂණය කරමිනි.
ඒ අනුව ටොප් පාස් හිල් කන්ද තොටුපොළ කන්දට වඩා මීටර් 20ක් උසින් වැඩි බව තහවුරු කරනු ලැබ තිබේ.
නුවරඑළියේ පිහිටි පිදුරුතලාගල කඳු ශ්‍රේණියේම පිහිටා ඇති තොටුපොළ කන්ද මීටර් 2,357ක් උසින් යුක්ත බවට රජයේ මිනින්දෝරු සිතියම්වල දක්වා ඇති නමුත්, ටොප් පාස් හිල් කන්දේ උස මීටර් 2,378 ක් (අඩි 7,801.83) බව ශමින්ද රන්ෂාන් මහතා පවසයි.
842 Views
Comments