පොලිස් සැරයන් අනතුරට ලක් කළ කුඩු ජාවාරම්කරුගේ බිරිඳත් ගංජා සමඟ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

පොලිස් සැරයන් අනතුරට ලක් කළ කුඩු ජාවාරම්කරුගේ බිරිඳත් ගංජා සමඟ මාට්ටු

පොලිස් සැරයන් අනතුරට ලක් කළ කුඩු ජාවාරම්කරුගේ බිරිඳත් ගංජා සමඟ මාට්ටු

පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් සැරයන්වරයෙකු මෝටර් රථයේ බොනට්ටුව මත තබාගෙන කිලෝමීටරයක් දුර රැගෙන ගෙන ගිය කුඩු ජාවාරම්කරුගේ බිරිඳ ගංජා ග්‍රෑම් 400ක් සමග උඩහමුල්ල ප්රදේශයේ පිහිටි ඇයගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පෙර කී සිද්ධියට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බන්ධනාගාරය වෙත ගොස් ප්‍රධාන ජාවාරම්කරු සහ රියදුරුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව හෙළිකරගත් තොරතුරු මම මෙලෙස උඩහමුල්ල ප්‍රදේශයේ පිහිටි ජාවාරම්කරුගේ නිවස දැඩි පරීක්ෂාවකට ලක් කර තිබුණා.

 

එම ප්‍රකාශ වලින් සනාථ කරගත් තොරතුරු අනුව වැටලීමට ගිය පොලිස් නිලධාරීන් උඩහමුල්ල වැටකෙවිල පාර ප්‍රදේශයේ ඉදි කරමින් පැවති සුඛෝපබෝගී නිවස පරීක්ෂා කිරීමේ දී එහි තෙවන මහලේ සඟවා තිබූ ගංජා තොගය හමුවී ඇත.

views

839 Views

Comments

arrow-up