ලප නොමැතිව උපත ලැබූ ජිරාෆ් පැටවා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ලප නොමැතිව උපත ලැබූ ජිරාෆ් පැටවා

ලප නොමැතිව උපත ලැබූ ජිරාෆ් පැටවා

ජිරාෆ් පැටවෙක් ලොව ප්‍රථම වරට ලප නොමැතිව උපත ලබා තිබෙනවා.

 

 

අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන් මෙම පුවත වාර්තා වී ඇත.

 

 

Brights සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කරන්නේ මෙම පැටවා ජූලි 31 වනදා උපත ලබා ඇති අතර තවමත් නම් කර නොමැති බවයි. ජිරාෆ් පැටවා ගැහැණු පැටවෙක් වේ.

 

 

වාර්තා වන්නේ පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගන්නා අතර ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා දක්නට නොලැබෙන බවයි.

 

 

ජිරාෆ් පැටවා දැනට අඩි හයක් උසින් සිටින අතර ඇගේ මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබන බව සඳහන් වේ.

 

 

USA Today වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම පැටවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන අතර එය 2018 දී ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර රතු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

 

 

views

249 Views

Comments

arrow-up