උඩවලවෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

උඩවලවෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

උඩවලවෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ප්‍රදේශවලින් 70% කට මේ වනවිට ජලය මුදා හැර අවසන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, චන්ද්‍රිකා වැවට ජලය මුදා හැරීම අඛණ්ඩව සිදු කරන බවයි.

 

කෙසේ වෙතත් මුරවැසි හේන, මයුර පුර හා අගුණකොළපැලැස්ස යන ප්‍රදේශවල කුඹුරු ඉඩම් සඳහා ජලය මුදා හැරීමට හැකිව නැති අතර එම ප්‍රදේශවලට ජලය මුදා හැරීම අද (16) හා හෙට (17) දිනවල සිදු කිරීමට හැකිවෙතැයි මහවැලි අධිකාරිය විශ්වාසය පළ කරයි.

 

මහවැලි අධිකාරිය පැවසුවේ, ඊයේ දිනයේ ද සමනල වැවේ සිට අක්කර අඩි 1500 ක් උඩවලව ජලාශයට මුදා හැරුණු බවයි.

 

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ජලාශවල ධාරිතාව 29% ක් දක්වා අඩු වී ඇති බවයි.

views

250 Views

Comments

arrow-up