ෆේස්බුක් පෙම බිඳුනාට පෙම්වතියට පිහියෙන් ඇනලා

මිණිපේ, හසලක, මොරයාය ප්‍රදේශයේ පාසලක් වෙත පාසල් යමින් සිටි දැරියකට, පිහි ඇනුමක් සිදු කළ පුද්ගලයකු ගම්වාසීන් විසින් අල්ලා, හසලක පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවට පොලිසිය පවසයි.
මෙලෙස පිහි ඇනුමෙන් කැපුම් තුවාල ලැබූ 11 වසරේ අධ්‍යාපනය ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා ගම්වාසීන් විසින් මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. පිහි ඇනුමෙන් දැරියගේ සිරුරේ සුළු කැපුම් තුවාල 03ක් ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
පිහි ඇනුමින් කැපුම් තුවාල ලැබූ දැරිය අවුරුදු 04ක් තිස්සේ මව විදේශගතව සිටින හෙයින් අත්තම්මාගේ රැකවරණය යටතේ සිට ඇත. ඇයට වැඩිමහල් සහෝදරයෙක් හා නැගණියක් සිටිති. පියාද රැකියාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් සිට ඇත.
පිහි ඇනුම සිදු කරනු ලැබූ පුද්ගලයා වයස අවුරුදු 24ක අවිවාහක තරුණයෙක් වන අතර පිහි ඇනුමට ලක් වූ පාසල් සිසුවිය ෆේස්බුක් හරහා හඳුනාගෙන වසරක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති අතර පෙරේදා (07දා) රාත්‍රියේදී, මිණිපේ මොරයාය ප්‍රදේශයට පැමිණ පාසල ඉදිරිපිට පාළු නිවෙසක නැවතී සිට උදෑසනම දැරිය පාසල් යන මාර්ගයේ මඟ රැක සිට මෙම පිහි ඇනුම සිදු කර ඇත.
දැරිය ප්‍රේම සම්බන්ධතාව නවතා දැමීම හේතුවෙන් මෙම පිහි ඇනුම සිදු කළ බවට සිදු කරනු ලැබු ප්‍රශ්න කිරීම් හමුවේ තරුණයා ප්‍රකාශ කර ඇත.
295 Views
Comments