දෙවනවර මරුට පැරදුණු තරිඳු දරුවන් තිදෙනෙකුගේ පියෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

දෙවනවර මරුට පැරදුණු තරිඳු දරුවන් තිදෙනෙකුගේ පියෙක්

දෙවනවර මරුට පැරදුණු තරිඳු දරුවන් තිදෙනෙකුගේ පියෙක්

2012 වසරේ පෙබරවාරි මාසයේ දුම්මලසූරිය ප්‍රදේශයේ පොල්වත්තකට ඔහු පැදවූ මිග් 27 ගුවන් යානය කඩා වැටීමේදී පැරෂුටයක් මුදාහරිමින් හදිසි පිටවීමෙන් බිමට පනින්නට ඔහු සමත් විය. එදා ඔහුගේ දිවිය අනූ නවයෙන් බේරුණේය. වරක් දිවි බේරාගත්තත් ඔහු මේ වතාවේ පරාජය විය. 

 

 

38 හැවිරිදි එච්.එම්. තරිදු 2006 ජනාවාරි මාසයේදී ශ්‍රීලංකා ගුවන් හමුදාවේ සාමාන්‍ය ගුවන් නියමු සේවා අංශයේ 49 කණ්ඩායමට පුහුණු කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්ව ඇත. මියයන විට ඒ මහතා ගුවන් හමුදාවේ විංග්කමාන්ඩර් තනතුර දැරුවේය. 

 

 

මේ වන විට ඔහු අවුරුදු 18කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ සේවය කර තිබේ.

 

 

තිදරු පියකු වන ඔහුගේ වැඩිමහල් පුතු වයස අවුරුදු 6 හමාරක් වන අතර නිවුන් දැරියන් දෙදෙනාගේ වයස මාස 09කි. වෛද්‍යවරියක වන ඔහුගේ බිරිය 33 වියේ පසුවෙයි. 

 

 

මියගිය විංග්කමාන්ඩර් එච්.එම්. තරිදු හේරත්ගේ පියා ජීවතුන් අතර නොමැති අතර ඔහුගේ එකම සහෝදරියද විදේශගතව ජීවත්වන නිසා මව ජීවත් වුයේ ඔහුගේ රැකවරණය යටතේය.

 

 

කුරුණෑගල මලියදේව විදුහලේ දීප්තිමත් ආදි සිසුවකු වන තරිදු හේරත් මහතා පාසලේදී අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩාවටද දක්ෂයකු විය. ඔහු මලියදේව විදුහලේ බාස්කට් බෝල් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු විය.

views

364 Views

Comments

arrow-up