ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පිරමීඩ ව්‍යාපාර ගැන විශේෂ නිවේදනයක්

පිරමීඩ යෝප්නා ක්‍රම ˝පහසුවෙන් මුදල් උපයා ගැනීමට” හෝ “අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ හා අතථ්‍ය මුදල් වෙළදාම් කිරීමෙත්” ඉතා ඉක්මණින් කිසිදු පරිශ්‍රමයකින් තොරව මුදල් උපයා ගත හැකි බව දන්වමින් ක්‍රියාත්මක වේ.
පිරමීඩ යෝප්නා ක්‍රම ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවත් බව මහජනතාවට අනතුරු අඟවා සිටිමු.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාපාර කිහිපයක් පිරමීඩ යෝජනා ක්‍රම බවට හදුනාගෙන ඒ පිළිබදව මාධ්‍ය මගින් මහජනතාව දැනුවත් කර ඇත. මෙම පල කරන ලද ලැයිස්තුව සම්පූර්ණ ලැයිස්තුවක් නොවන අතර තව සමහරක් යෝජනා ක්‍රම පිළිබදව විමර්ෂණ කටයුතු කරගෙන යනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.
සමහර පිරමීඩාකාර යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන්නන් විසින් ඔවුන්ගේ යෝජනා ක්‍රම වලට ප්‍රසිද්ධිය ලබා දීම සදහා හා තව සාමාජිකයින් බඳවා ගැනීමට ජනප්‍රිය ක්‍රීඩා හා ආගමික උත්සවයන් යොදා ගනී. මීට අමතරව ප්‍රවර්ධන කේත හා සංවිධාන කේත ලබා දීම මඟින් නව සාමාජිකයින් ඇතුලත් කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇත.
ඒ අනුව, මහජනතාවට මෙවැනි පිරමීඩ යෝනා ක්‍රම පිළිබඳව අවධානයෙත් සිටීමට උපදෙස් ලබා දෙන අතර පිරමීඩ යෝප්නා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට දන්වා සිටිනු ලැබේ.
275 Views
Comments