සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්

ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව එහි ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පැවසයි.
කොළඹ නගරයේ පමණක් නිවාස ව්‍යාපෘති 10 ක ඉදිකිරිම් ඇණහිට ඇති අතර ලේකම්වරයා ප්‍රකාශ කළේ, මහා පරිමාණ රථ ගාල් 3 කද ඉදිකිරීම් ඇණහිට ඇති බවයි.
ඒ සඳහා ආයෝජනය කළ හා ඉදිකිරීම් කරන ආයතනවලින් යළි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවා ඇති අතර ඩොලරයේ අගය ඉහළ යාම හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව ඉදිකිරිම් පිරිවැය තීරණය කර එම ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
217 Views
Comments