වියළි කාලගුණයෙන් කුඹුරු හෙක්ටෙයාර් 50000ක් විනාශ වේ

වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටෙයාර් 50,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එය යල කන්නයේ වගාවෙන් 10% ඉක්මවන බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය.
ගොවීන් 46,000 කට අධික පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව ගොඩ බෝග වගා රැසකට ද වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
මේ වනවිට වැඩිම වගා හානියක් වාර්තා වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
එම දිස්ත්‍රික්කයේ ගොවින් 11333 කදී කුඹුරු විනාශ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
271 Views
Comments