ඉරානයේ තෙල් වෙනුවට මෙටර තේ එරටට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

ඉරානයේ තෙල් වෙනුවට මෙටර තේ එරටට

ඉරානයේ තෙල් වෙනුවට මෙටර තේ එරටට

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි ඇත.

 

 

එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

 

 

ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් වන ගෙවීම් පියවීමට පළැමුව තේ අපනයන කරනු ලබයි.

 

 

එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ, මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

 

 

බාටර් ට්‍රේඩ් නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉරානයට මෙම අපනයනය සිදු කරනු ලබයි.

 

 

මෙම තේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට නියමිතය.

 

 

එමෙන්ම ඉරාන ජාතික තෙල් සමාගම සඳහා ඉරාන තේ ආනයනකරුවන් රියාල් මගින් අදාළ ගෙවීම් කරනු ඇති බව වාර්තා වෙයි.

 

 

views

234 Views

Comments

arrow-up