අශෝභන ලෙස හැසිරුණු පාසල් සිසුන්ට ලැබුණු දඩුවම

සාමාන්‍ය පෙළ විභාගය අවසාන දිනයේදී කොළඹ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පාසලේ විදුලි පංකාවලට හා පාසලේ බිත්තිවලට මෙන්ම පාසලේ තාප්පයට හානි සිදුකර තිබෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබුණි.
මේ සම්බන්ධයෙන් කොටහේන පොලිසිය හා කොටහේන මධ්‍ය මහා විද්‍යාලය විදුහල්පතිවරයා විසින් අදාල සිසුන් හඳුනාගෙන පාසලට රැගෙන විත් දැඩි ලෙස අවවාද කර තිබුණි.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සිසුන්ට නියෝග කරමින් පවසා සිටියේ අලාභානි සිදු වූ සියල්ල ප්‍රතිසංස්කරණය කරන ලෙසයි.
එම ලබා දුන් දඩුවමෙන් පසු සිසුන් විසින් විදුලිපංකා අලුත් වැඩියා කර තාප්පවල අශෝභන ලෙස ලියා තිබූ වදන් ඉවත් කර තීන්ත ආලේපය කිරීමටද කටයුතු කර තිබුණු බව වාර්තා වේ.
364 Views
Comments