JUN
17
සුරාබදු නිලධාරින්ට පිස්තෝල ලබා දෙයි

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි.
නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිලදී ගැනීමට කටයුතු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසා සිටියේය.
නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ වැඩිදුරටත් පවසා සිටියේය.
261 Views
Comments