කතකට අතවර කළ ආයුර්වේද වෛද්‍යවරයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

කතකට අතවර කළ ආයුර්වේද වෛද්‍යවරයාට වැඩ වරදී

කතකට අතවර කළ ආයුර්වේද වෛද්‍යවරයාට වැඩ වරදී

දරුවෙකු ලැබීමේ ආශාව ඉටුකර ගැනීමට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 42 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මූලස්ථානය නිවේදනය කරයි.

 

 

විවාහ වූ දා සිට පිළිසිඳ ගැනීමට නොහැකි වූ කාන්තාව සිය සැමියා සමඟ බියගම සියඹලාපේ ප්‍රදේශයේ සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හමුවීමට ගියේ ඊට පිළියමක් බලාපොරොත්තුවෙන්. 

 

 

සිව් වතාවක් ඇය සැමියා සමඟ ආයුර්වේද වෛද්‍යවරයා හමුවට ගොස් තිබූ අතර කිසිදු සැක සංකා උපදවන කරුණක් ඇති නොවූ බැවින් ඉකුත් 12 වෙනි දින ඇය තනිවම වෛද්‍ය මධ්‍යස්ථානය කරා ගිය අවස්ථාවේදී  සැකකාර වෛද්‍යවරයා ඇයට බලහත්කාරයෙන්   ලිංගික අතවර කර තිබූ බව එම කාන්තාව සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

 

 

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මූලස්ථානයේ ස්ථානාධිපති සමන්ති රේණුකා මහත්මිය මෙම නඩුවේ විමර්ශන කටයුතු අධීක්ෂණය කරනු ඇත.

views

184 Views

Comments

arrow-up