ටුනීෂා ෂර්මා සියදිවි හානි

ඉන්දියාවේ නව යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක වන ටුනීෂා ෂර්මා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
විසි හැවිරිදී ටුනීෂා ෂර්මා ටෙලි නාට්‍යක රූගත් කිරීමක් අතරතුර ලැබුණු විවේක කාලයේදී නාන කාමරය තුළ ඇය ගෙල වැළලාගෙන සිටියදී හමුව තිබෙනවා.
ඇයව වහාම රෝහල් ගත කළ ද රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව මාධ්‍ය වාර්තා කළා. ටුනීෂාගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව ඇය සමඟ එම ටෙලිනාට්‍යයේ රංගනයේ යෙදුනු ෂීසන් මොහොමඩ් ඛාන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
ඔහුව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
203 Views
Comments